ඇමති කාර්ය මණ්ඩලවලට පවුලේ සාමාජිකයන් එපා - ජනපතිගෙන් නියෝගයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 9, 2019

ඇමති කාර්ය මණ්ඩලවලට පවුලේ සාමාජිකයන් එපා - ජනපතිගෙන් නියෝගයක්

ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු බඳවා නොගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා ඇති බව වාර්තා වෙයි.

මෙතෙක් තම බිරිඳ හෝ පවුලේ සාමාජිකයෙකු පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ලද ඇමතිවරයෙකු විසින් තවත් ඇමතිවරයෙකු සමග මේ සම්බන්ධයෙන් සාකච්චා වී ඇත.

ඉදිරියේදී එම තනතුරු සදහා වෙනත් පුද්ගලයන් එක් කර ගැනීමට කටයුතු කල යුතුව ඇතැයිද අදහස් පල වී ඇත.

ජනාධිපතිවරයාද සිය කාර්ය මණ්ඩලය සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු බදවා ගෙන නැත.

No comments:

Post a Comment

Post Bottom Ad