හිටපු ජනපතිට විරුද්දව හිටපු ඇමති ෆවුසි නඩු දමයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

හිටපු ජනපතිට විරුද්දව හිටපු ඇමති ෆවුසි නඩු දමයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට විරුද්ධව හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ඒඑච්එම් ෆවුසි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ඔහු එමගින් ඉල්ලා සිට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය විසින් ගන්නා ලද තීරණය බලරහිත කරන ලෙසයි.

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව, මැතිවරණ කොමිසන් සභාව ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පිවිසීමට සූදානමින් සිට ඇති අතර ඒ සඳහා ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර ඇති බවද වාර්තා විය.

මේ අනුව බොහෝදුරට අධිකරණය විසින් නඩුව අවසන් වනතුරු වාරණ නියෝගයක් පැනවුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තු පිවිසීමේ අදහස අත්හැර දැමීමට සිදුවනු ඇත.

මෙම පාර්ලිමේන්තුව එළඹෙන මාර්තු මසදී විසුරුවා හරින බව ජනාධිපතිවරයා දැනටමත් සඳහන් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad