සජිත් ප්‍රේමදාස මහතාටත් චෝදනා තිබෙනවා, අපිට අවශ්‍යනම් හෙට එතුමා අත් අඩංගුවට ගන්න පුළුවන් - නාමල් රාජපක්ෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

සජිත් ප්‍රේමදාස මහතාටත් චෝදනා තිබෙනවා, අපිට අවශ්‍යනම් හෙට එතුමා අත් අඩංගුවට ගන්න පුළුවන් - නාමල් රාජපක්ෂ

පේ රටේ දැවැන්ත ප්‍රශ්නයක් බවට මත්ද්‍රව්‍ය වුවදර පත්වෙලා තිබෙනවා. මේ වන විට මේ රටේ තරුණ තරුණියන් අතරින් ලක්ෂ 05 කට වැඩි ප්‍රමාණයක්  කුමන හෝ මත්ද්‍රව්‍යකට ඇබ්බැහිවෙලා  තිබෙනවා. මෙය බරපතල ඛේදවාකයක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙරේදා (17) සවස වීරකැටිය ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදී පැවසීය.


පසු ගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය සදහා කැප වී වැඩ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ට ස්තුතිය පල කිරීම සදහා වීරකැටිය මැදමුලන ප්‍රදේශයේ පැවති ජන හමුවේදී මන්ත්‍රී වරයා එසේ පැවසීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ මේ රට දියුණු  කිරීම සදහා කුමන වැඩ පිළිවෙලක් දියත් කළත් මෙම  මත්ද්‍රව්‍ය උවදුරෙන් රට ගලවා නොගතහොත් ඒ් සියල්ල ළුල රහිත වෙන  බවයි.

ලංකාවේ පුනරුත්තාපන කදවුරු සියල්ලම තුළ පුනරුත්තාපනය කළ හැක්කේ 4000ක් පමණ යි. නමුත් රටේ ලක්ෂ 05 ට වැඩි ප්‍රමාණයත් පුනරුත්තාපනය කළ යුතු තත්වයේ ඉන්නවා. මේ ප්‍රමාණය වසරින් වසර වැඩි වෙමින් තිබෙනවාගමේ රටේ කර්මාන්ත බිහි වෙන කොට වරාය ගුවන් තොටුපලවල් දියුණු වෙන කොට අධිවේගී මාර්ග බිහිවෙන කොට ඒවායේ ප්‍රතිඵල භුක්ති විදින්නට  මේ රටේ තරුණ තරුණියන්ට අවස්ථාව අහිමි වෙනවානම් අප සිදු කරන සංවර්ධනයෙන් වැඩක් නෑ. මේ නිසා මේ උවදුරෙන් මේ රට ගලවා ගන්නට අප ප්‍රමුඛ තැනක් දී තිබෙනවා.ඉදිරියේදී මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූවන් කඩිනමින් පුනරුත්තාපනය කිරීම සදහා අපි කඩිනම් වැඩ පිළිවෙලක් ඇති කරනවා. එමෙන්ම මේ රට පුරා මත්ද්‍රව්‍ය බෙදා හරිනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කොටුකර ගැනීම සදහා මෙහෙයුම් දියත් කරනවාග අපි මේ පිළිබදව සාකච්ඡා කරමින් පවතිනවා.

අපේ ආණ්ඩුවට දැවැන්ත අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුව තිබෙනවා. මේ ආණ්ඩුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ජාත්‍යන්තර වශයෙන් කුමන්ත්‍රණ සිදු වෙමින් තිබෙනවා. ස්විස් තානාපති නිළධාරිණියගේ ප්‍රශ්නය පිළිබදව ඔබටත් අවබෝධයක් ඇති. පරීක්ෂණ කරගනෙ යන කොට එහි සත්‍ය ය හෙළිදරුව් වෙමින් තිබෙනවා. අපිට එක්සත් ජාතික පක්ෂය කළා වගේ අධිකරණයට බලපෑම් කරන්නට අවශ්‍ය තාවයක් නෑ. විශේෂ අධිකරණ පිහිටුවමින් විශේෂ  පොලීසි හදාගෙන බොරු සාක්ෂි ගොඩ නගමින් කටයුතු කරන්නට අපට අවශ්‍ය නෑ. අපි අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්නට අවශ්‍ය පසුබිම සකස් කොට තිබෙනවා.අපි බලයට අවේ වැඩ කරන්නග නීතිය ක්‍රියාත්මක කරන ආයතන එම කාර්යය   සිදු කරයි. අපිට අවශ්‍ය නෑ විරුද්ධ දේශපාලන මත දරන අය දඩයම් කරන්න. තමුන්නාන්සේලාට මතක ඇති එජාපය බලයට ඇවිත් පලමු සතියේම සිදු කළේ අපෙන් පලි ගන්න උත්සාහ කරපු එක විතරයි. අපේ ගෙදර හිටපු බල්ලට කථාකරන්න පුළුවන් කමක් තිබුණනාම් උගෙනුත් කටඋත්තර ගන්න එජාප ආණ්ඩුව කටයුතු කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිෂමක් දැම්මා. ඒ කොමිෂන් වාර්තාවේ සජිත් ප්‍රේමදාස මහතාටත් චෝදනා තිබෙනවා. අපිට අවශ්‍යනම් හෙට එතුමා අත් අඩංගුවට ගන්න පුළුවන් . නමුත් අපි එහෙම කරන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න මේ රටේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ කටයුතු ඒ විධියට සිදු වෙයි. ඒ පරීක්ෂණ  අපි අතට ගන්නේ නෑග ඒවා අදාළ ආයතන සිදු කරයි. එජාපය කළා වගේ අපි දේශපාලන පලිගැනීම් සිදු කරන්නේ නෑ. රජයේ නිළධාරීන් ඒ තැනට පත් කරන්න අපි කටයුතු කරන්නනේ නෑ.

මේ වෙන කොට තියෙන්නෙ සුලුතර ආණ්ඩුවක් බහු තරය කාටද තියේන්නේ? හකීම් මහත්තයට. රිෂාඩ් මහත්තයට. රනිල් මහත්තයට. සජිත් මහත්තයට. මේ සුලුතරය බහුතරයක් බවට ඊ ළග මැතිවරණයේදී පත් කළ යුතුයි. ඒ් සදහා තමුන්නාන්සේලා ඊ ළග මැතිවරණයේදී ක්‍රියාකාරීව වැඩ කළ යුතුයි.

මේ ආණ්ඩුව අපිට භාර දුන්නෙ මහ බැංකුව මංකොල්ල කාල මහා භාන්ඩාගාරයත් හිස් කරලග ඒ් විතරක් නොවෙයි සංස්කෘතික අරමුදලෙ තිබුණු බිලියන 05 ස්ථාවර තැන්පතු වලට වෙච්ච දෙයක් නෑ. දැන් සජිත් මහත්තය කියනව ජනාධිපති මැතිවරණය කරල එතුමා ණය වෙලාලු. එතුමා පරාජයට පත් වුනේ ගමේ ජනතාවත් ණය කාරයන් කරලා.

තිස්සමහාරාම රෝෂන් රාජික
මව්බිම


No comments:

Post a Comment

Post Bottom Ad