නායකත්වය කරුට දෙන්නැයි ඉල්ලීමක් - රනිල්ට උපදේශක තනතුරක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 16, 2019

නායකත්වය කරුට දෙන්නැයි ඉල්ලීමක් - රනිල්ට උපදේශක තනතුරක් !

ක්සත් ජාතික පක්ෂය නැවත ජයග්‍රාහී මාවතට ගෙනඒම සඳහා හැකියාව ඇති එකම නායකයා කරු ජයසූරිය බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙනවා. ඒ නිසා ඔහු එජාප නායකත්වයට පත් කරන ලෙස එම සංවිධානය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය විසින් මෙම ඉල්ලීම ඇතුළත් ලිපියක් එජාප නායකයා වෙත යොමුකර තිබෙන අතර එම ලිපියේ පිටපත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් හා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනාටද යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වී කරු ජයසූරිය මහතා නායකත්වයට පත්කළ යුතු බවයි. එසේම රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එජාපය සමග සිටිය යුතු බවත් ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක‍යෙකු ලෙස කටයුතු කළයුතු බවත් අවධාරණය කරනවා.

එම සංවිධානය සජිත් ප්‍රෙමදාස මහතාගෙන්ද විශේෂ ඉල්ලීමක් කර ඇති අතර, කරු ජයසූරිය මහතා එජාප නායකත්වට පත් වුවහොත් ඔහුගේ නායකත්වය පිළිගෙන පක්ෂය නැවත ජයග්‍රාහී මාවතට ගෙනඒම සඳහා කැපවී කටයුතු කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad