හේමසිරි - පූජිත් 23 දක්වා රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 16, 2019

හේමසිරි - පූජිත් 23 දක්වා රිමාන්ඩ්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තැබීමට අධිකරණය අද නියෝග කළේය. ඒ අනුව ඔවුන් දෙදෙනා දෙසැම්බර් 23 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ අනතුරු ඇඟවීම් කර තිබියදී එම ප්‍රහාරය වලක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීමේ චෝදනාව මත හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ අතර අධිකරණය ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad