රාජිතගේ ඇප ඉල්ලුම ප‍්‍රතික්‍ෂෙප කෙරේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 20, 2019

රාජිතගේ ඇප ඉල්ලුම ප‍්‍රතික්‍ෂෙප කෙරේ

තමා අත්අඩංගුවට නොගන්නැයි රහස් පොලිසියට නියෝග කරන ලෙස ඉල්ලමින් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් ඉල්ලා තිබූ පෙර ඇප ඉල්ලුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ දිනයේ මෙම ඇප අයදුම් පත යොමු කර තිබුණේ රාජිත සේනාරත්න මහතාගේ නීතිඥයින් විසිනි.

ජනාධිපතිවරණයට පෙර ඔහුගේ සහභාගීත්වයෙන් පැවති සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති නිසා ඉහත නියෝගය රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කරන ලෙස සේනාරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

අද දිනයේ එය සලකා බලයෙන්ම අවස්ථාව සඳහා රාජිත සේනාරත්න මහතාද පැමිණ සිටි අතර අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad