රේගුවේ ස්කෑනර් යන්ත්‍ර අත්හිටුවීම පිටුපස කුඩු,එතනෝල් ගෙන්වීමේ වෑයමක්? - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 10, 2019

රේගුවේ ස්කෑනර් යන්ත්‍ර අත්හිටුවීම පිටුපස කුඩු,එතනෝල් ගෙන්වීමේ වෑයමක්? - (video)

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙරටට ගෙන්වන ලද ප්‍රමිතිගත කන්ටේනර් ස්කෑන් යන්ත්‍රය ක්‍රියා කරවීම මේ වන විට අත්හිටුවා ඇති අතර එසේ සිදුකර ඇත්තේ රට තුළට මත්ද්‍රව්‍ය, එතනෝල් වැනි නීතිවිරෝධී දේවල් ගෙන ඒමටදැයි යන සැකයක් මතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

එම ස්කෑනර් යන්ත්‍රය හරහා කන්ටේනර් තුළ තිබෙන සියලුම දෑ නිරීක්ෂණය කළ හැකි බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මෙම යන්ත්‍රය සම්බන්ධයෙන් පරමාණුක බලශක්ති අධිකාරිය පරීක්ෂණයක් කර විකිරණශිලී ද්‍රව්‍ය නැත යන සහතිකයද ලබා දී ඇති බව හෙතෙම කියා සිටියේය.

මෙලෙස ප්‍රමිතිගත යන්ත්‍රයක් නව අමාත්‍යවරයා විසින් ක්‍රියා කරවීම අත්හිටුවා තිබීම සමබන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවයි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම තවත් පසෙකින් මෙම යන්ත්‍රය භාවිතා නොකිරීම හේතුවෙන් දිනකට රුපියල් ලක්ෂ 27ක පමණ පාඩුවක් සිදුවන බවද ඔහු පෙන්වාදුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad