සජිත්ට එජාපයේ පූර්ණ බලතල දෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 21, 2020

සජිත්ට එජාපයේ පූර්ණ බලතල දෙයි.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ඉදිරි දේශපාලන කටයුතු නිදහසේ කරගෙන යෑමට ඉඩදීමට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් තීරණය කර තිබේ.

ඒ අනුව ඒ මහතාට ඉදිරි මහ මැතිවරණයේ සියලූ කටයුතු මෙහෙයවීම, සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්‍ෂකත්වයද සංවිධාන කටයුතු සිදුකිරීමට පූර්ණ නිදහස ද ලැබෙනු ඇත.

එහෙත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට නොලැබෙනු ඇතැයි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad