මුදලට ගිජු නොවූ ඩ්‍රයිවර් මහත්මයා - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 11, 2020

මුදලට ගිජු නොවූ ඩ්‍රයිවර් මහත්මයා

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දී හමුවූ මුදල් පසුම්බියක් වැලිකඩ පොලිසියට බාරදුන් පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

අමාත්‍ය ආරක්ෂක අංශයේ සේවය කරන නිලධාරියෙකුගේ මුදල් පසුම්බියක් මාර්ගයේ වැටී තිබියදී මෙලෙස බාර දී ඇත්තේ දිනේෂ් ප්‍රියංකර නම්වන රියදුරු මහතෙකුයි.

තරිදු ප්‍රසාද් ජයවර්ධන නම් වන නිලධාරියාගේ එම පසුම්බියේ මුදල්, රාජකාරි හැඳුනුම් පත සහ ලියකියවිලි රැසක් තිබී ඇති අතර එම නිලධාරිවරයා වෙත වැලිකඩ ස්ථානාධිපති කෝරලගේ මහතා විසින් පසුම්බිය බාරදී තිබෙනවා.

තරිදු ප්‍රසාද් ජයවර්ධන නම් වන නිලධාරියා සඳහන් කර ඇත්තේ මෙවන් පුද්ගලයන් සිටීම පිළිබඳව තමන් සතුටු වන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad