නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 260 ක් සහ මෙතෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 327 ක් පමණ වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
දින 14 ක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඊයේ උදෑසන දිවයිනට මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබූ විදේශීය යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලද අතර, එහි තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ධජයක් නොමැතිව පැමිණෙමින් තිබූ යාත්‍රාවේ සිටි ඉරාන ජාතිකයන් බවට විශ්වාස කරන පුද්ගලයන් හත්දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


No comments:
Post a Comment