ලංකාව දැනට සාර්ථකයි.. ලෝකයේ කොරා්නා මැඩලූ පලමු රට වෙන්න සති දෙකකින් පුළුවන් - කොරෝනා පරීක්‍ෂණ ප‍්‍රධානී සහතික කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 10, 2020

ලංකාව දැනට සාර්ථකයි.. ලෝකයේ කොරා්නා මැඩලූ පලමු රට වෙන්න සති දෙකකින් පුළුවන් - කොරෝනා පරීක්‍ෂණ ප‍්‍රධානී සහතික කරයි

කොරා්නා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජනතාව විසින් රජයට ලබා දෙන සහයෝගය තවත් සති දෙකක කාලයක ලබාදුනහොත් කොරෝනා නිසි ලෙස කළමනාකරණය කරන ලද ලෝකයේ පළමු රට බවට පත් වීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට උදා වී ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

දැනට තම ආයතනය මඟින් සිදුකරන කොරෝනා පරීක්ෂණ ධාරිතාවය දෙගුණ කර ඇතත් රෝගීන් හමුවන්නේ ඉතාම අඩු වශයෙන් බව ද ඔහු පැවසීය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සතුටු විය නොහැක්කේ රෝග ලක්ෂණ නොපෙන්වන හා සමාජ සැඟවී සිටින කොරෝනා රෝගීන් ප්‍රමාණය කොතෙක්දැයි බලධාරීන් නොදන්නා නිසා බවද ඔහු පැවසීය.

දැනට කොරෝනා පාලනවේදී ශ්‍රී ලංකාව සාර්ථක නම් යම් සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇත්තේ මෙරට මහජනතාව සෞඛ්‍ය අංශ වලට ලබාදෙන බලවත් සහාය නිසා බවත් එම සහාය ඉදිරි සති දෙකක කාලයේදීද අත්‍යවශ්‍ය බවත් ඔහු තව දුරටත් කියා සිටියේය


No comments:

Post a Comment

Post Bottom Ad