puttalam - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 6, 2020

puttalam

පුත්තලමේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති 76 දෙනාගෙන් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඔවුන් සියලු දෙනාම කොළඹ උණ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පුත්තලම නිරෝධන මධ්‍යස්ථානයේ සිටින මෙම පිරිස හලාවත මහ රෝහලට යොමුකර කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමේදී වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී ඇත.

ඉන්දුනීසියානු ජාතිකයන් 06 දෙනෙක්, මරදානේදී කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ, පුත්තලම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා රෝගියාගේ බිරිඳ සහ දරුවන්ද එම පිරිසට ඇතුළත් වෙති.


No comments:

Post a Comment

Post Bottom Ad