ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්.. ඒ ගැන ක‍්‍රිකට් කවුන්සිලේ මාෂල් මහත්තයාට පැමිණිලි කරන්න - සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 19, 2020

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්.. ඒ ගැන ක‍්‍රිකට් කවුන්සිලේ මාෂල් මහත්තයාට පැමිණිලි කරන්න - සජිත්

2011 ලෝක කුසලාන තරඟය පාවා දීමකට ලක්ව ඇතැයි චෝදනාව ටොං පචයක් යයි සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. කොරෝනා හේතුවෙන්රට වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට බැරි රජය 2011 ලෝක කුසලාන තරගය දක්වා මැතිවරණ වේදිකාව ගෙන යාමට මෙම චෝදනාව එල්ල කළ බවද ඔහු සඳහන් කරයි.

2011 මෙරට වීරෝදාර ක්‍රිකට් කණ්ඩායමට මඩ නොගසන ලෙසත් අපහාස නොකරන ලෙසත් තමන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

එවන් චෝදනා ඇත්නම් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ මාෂල් මහත්තයාට ගිහින් පැමිණිලි කරන්නැයි තමන් ඉල්ලන බව ද ඔහු කියා සිටියේය.

එවිට පරීක්ෂණ කර සත්‍ය හෙළි කරනු ඇතැයිද ඔහු කියා සිටියේ මහ මැතිවරණ ජන හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad