කරුණා අම්මාන් අම්පාරේ දී සිදුකළ ප්‍රකාශය කිසිවිටක සුළුකොට තැකිය නොහැකී - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 20, 2020

කරුණා අම්මාන් අම්පාරේ දී සිදුකළ ප්‍රකාශය කිසිවිටක සුළුකොට තැකිය නොහැකී


මෙවර මහමැතිවරණය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභයට රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් ඉදිරිපත් ව සිටින හිටපු L.T.T.E නායකයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.



අම්පාර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු සඳහන් කළේ
"මට මහින්ද අගමැතිතුමා කතා කළා මේ පාරත් ලැයිස්තුවෙන් එන්න මහන්සි වෙන්නෙ ඇයි කියල.මම කිව්ව මේ පාර මම ඉල්ලලම එන්නම් කියල,කර්තිව් සභපති කියල තිබුණා මම කොරෝනාවට වඩා බරපතලයි කියල, ඔව් මම එහෙම තමයි,කොරෝනාවෙන් මැරුනෙ 9ක් විතරයි.අපි එක රැයෙන් අලිමංකඩ දි හමුදාවේ 2000 ක් 3000 ක් මැරුවා.

තේරෙනව නේ?කිලිනොච්චියෙත් දහස් ගානක්" යනුවෙනි.

මෙ⁣ම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ මෙම ප්‍රකාශය රටේ නීතියේ ආධිපත්‍යය බරපතල අභියෝගයකට ලක් කර ඇති බවයි.



අත්තනගල්ල ප්‍රදේශයේ අද උදෑසන පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේ
සැමවිටම දේශාභිමානය දේශප්‍රේමය ගැන කතා කරමින්  දකුණේ පෙනී සිටින අතර, උතුරු නැගෙනහිරට ගොස් හමුදා රණවිරුවන් දහස් ගාණක් මැරුවා යැයි පවසමින් ඡන්දය දිනා ගැනීමට උත්සාහ දරන  පුද්ගලයන් පිළිබඳ කණගාටුවන බවයි


මහින්ද රාජපක්ෂ මහතා කරුණා අම්මාන් වැනි පුද්ගලයන්ට තම දේශපාලන පක්ෂයේ උප සභාපති තනතුරු ලබා දෙමින් අවස්ථාවාදී ලෙස කටයුතු කරමින් ජනතාව රවටමින් සිදුකරන දේශපාලනය කුමක්දැයි ප්‍රශ්න කළ විජේවර්ධන මහතා තවදුරටත් රටේ ජනතාව  රැවටවීමට බුද්ධිමත් ජනතාව ඉඩ නොතබනු ඇති බවද සඳහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad