ඔහු මහජන මුහුදින් මුදලින් ආහාර වේලක් හෝ ලබා නොගන්නා බවත් තම ආහාරය ලබාගැනීම සඳහා නිවෙසට යන බවත් ඇමතිවරයා පැවසීය.
ජනාධිපති කාර්ය මණ්ඩලය වාහන සංඛ්‍යාව ද මේ වන විට අවම කර ඇතැයිද ඒ මහතා කීය.
මැතක දී ඇදිරි නීතිය අතරේ පැවති කැබිනට් හමුවකින් පසු තමන් ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකුට ආහාර ගැනීමට තැනක් නොවූ බවත් ඔහු පැවසීය.
කොරෝනා වසංගතය පැවති නිසා හෝටල් පවා වසා තිබුනු බවත් තමන් ඇතුළු ඇමැතිවරුන් පිරිසක් කොළඹ ගංගාරාමයට ගොස් ලැබී තිබූ දානයෙන් කොටසක් ඉල්ලා ගත් බවද ඔහු සඳහන් කළේය.
කොළඹ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

No comments:
Post a Comment