ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන ලෙස කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර තිබියදී ඔහු නැගෙනහිර දෙමළ ජනතාවගේ ආශීර්වාදයෙන් පාර්ලිමේන්තුට එන්න හදන්නේ යුධ හාමුදාවේ දෙතුන්දාහක් මරපු දෙමළ කොටි වීරයෙකු ලෙස යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් සමඟි ජන බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කරුණා අම්මාන් ලා එලෙස ජන්දය ඉල්ලමින් සිටින අතර අනෙක් පසින් තවත් කණ්ඩායමක් රණවිරුවන් පෙන්නමින් ජන්දය ඉල්ලමින් සිටින අතර ඒ තුළින්ම රාජපක්ෂලාගේ දෙබිඩි දේශප්‍රේමය පෙන්නුම් කරන බවයි රණවක මහතා සඳහන් කරන්නේ.
"ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව ජන්දය ඉල්ලන්නේ රණවිරුවෝ පෙන්නගෙන. රණවිරුවෝ රට වෙනුවෙන් දිවිදුන්නා, ඒ රණවිරුවන්ගේ උරුමය රකින ආණ්ඩුවක් හැටියට තමයි මේ ආණ්ඩුව ක්‍රියා කරන්නේ. සමහර අපේක්ෂකයෝ ජන්දේ ඉල්ලන්නේම අපි හමුදාවේ හිටියා, අපි ජිනීවා ගියා, රණවිරුවන් වෙනුවෙන් ඒ රණවිරුවන් වෙනුවෙන් අපට ජන්දය දෙන්න කියන එක තමයි සමහර අපේක්ෂකයෝ උස හඬින් ඉල්ලමින් ඉන්නේ.
මෙච්චර කාලයක් කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයෙක් ලෙස හිටියා. ඔහු ඒ කාලයේ අපරාධ කළා කියන එක ප්‍රකාශ කරලා තිබුණා. නමුත් කිසිම අවස්ථාවක ඔහු පිළිඅරගෙන තිබුණෙත් නැහැ ඒ සම්බන්ධයෙන් සාක්ෂියක් ඉදිරිපත් වෙලා තිබුණෙත් නැහැ. ඔහු පිළිබඳ පරීක්ෂණයක් කළෙත් නැහැ. දැන් ඔහුම ඉදිරිපත්වෙලා කියනවා, ඔහු වෙන පක්ෂයකින් තරඟ කළත් මෙවර ඔහුගේ සහය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට බව. ජාතික ලැයිස්තුවෙන් එන්න ආරාධනා කළා. හැබැයි ජාතික ලැයිස්තුවෙන් යන්න අපේක්ෂාවක් නැහැ, දෙමළ ජනතාවගේ ආශිර්වාදයෙන් නැගෙනහිර පළාතෙන් යනවා කියනවා. ශ්‍රී ලංකා යුධ හමුදාවේ දෙතුන්දාහක් මරපු දෙමළ කොටි වීරයා හැටියට එන්න යනවා. මෙහෙ කොළඹ අනික් පැතිවල ජන්දේ ඉල්ලනවා රණවිරුවෝ වෙනුවෙන්. මේකෙන්ම පේනවා ඉතාම දුෂ්ඨ දෙබිඩි දේශප්‍රේමය රාජපක්ෂලාගේ."
කෙසේවෙතත් මේ වන විට කරුණා අම්මාන් අපරාධකරුවෙකු බවට සාක්ෂියක් තිබෙන හෙයින් අපරාධ පනත යටතේ හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.
එමෙන්ම ඔහුට පමණක් නොව කුමාරන් පද්මනාදන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
Sunday, June 21, 2020

කරුණා අම්මාන් හදන්නේ දෙමළ කොටි වීරයෙක් විදිහට පාර්ලිමේන්තු එන්න - චම්පික
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment