එකම කඳවුරක් සිංහල ජන්ද ලබා ගැනීම වෙනුවෙන් කොටි ඝාතන පිළිබඳවත් දෙමළ ජන්ද ලබා ගැනීම වෙනුවෙන් හමුදා සොල්දාදුවන් ඝාතනය කිරීම පිළිබඳවත් උජාරුවෙන් කතා කරන තත්ත්වයක් මතුවී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.
එයින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ කඳවුර ඊනියා දේශප්‍රේමීන් බවත් ඔවුන්ට සියල්ල බලය හමුවේ යටපත් කළ හැකි බවත් බලය වෙනුවෙන් ඕනෑම කණ්ඩායමක් ඒකරාශී කරගත හැකි බවත් යන්න ජවිපෙ නායකයා පැහැදිලි කරයි.
ඒ අනුව ඔවුන් දේශප්‍රේමීත්වයට වඩා බලලෝභිත්වයෙන් පිරුණු කණ්ඩායමක් බව තවදුරටත් ඔප්පුකරමින් හිදින බවයි ඔහු සඳහන් කරන්නේ.
එල් ටී ටී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ ඇතැමුන් වසර 20-30 රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන තත්ත්වයක හමුදා සොල්දාදුවන් දහස් ගණනක් මරා දැමු බවට පවසන මහින්ද රාජපක්ෂ මහතාට හිතවාදීන් ජනතා නියෝජිතයින් බවට පත්වෙමින් තිබීම තුළින් කියවෙන්නේ රාජපක්ෂ කඳවුරට හිතවාදී නම් නීතිය ක්‍රියාත්මක නොවන බවත්, ඔවුන් දේශප්‍රේමීන් බවත් යන්න අනුර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
කෙසේවෙතත් කරුණා අම්මාන්ගේ මෙම ප්‍රකාශය ගැන ජනාධිපතිවරයාගේත් අගමැතිවරයගේත් ස්ථාවරය වහාම රටට හෙළි කළ යුතු බවට අවධාරණය කරන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.
Sunday, June 21, 2020

රාජපක්ෂ කඳවුරේ ඊනියා දේශප්‍රේමය කරුණා හෙළිකළා! (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment