කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 9, 2020

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගනී !

ද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. පසුගිය දින කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා මාස තුනකට ආසන්න කාලයක් කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි පුනරුත්ථාපනයට ලක්කළ අයෙකි.

ඒ අනුව කන්දකාඩු මත්ද්‍රවයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450කට පිරිසක් මේ වන විට පීසීආර් පරීක්ෂණ සඳහා ලක්කර තිබේ.

ඉහත පරීක්ෂාවට ලක් කරන ලද පිරිස අතුරින් මෙම ආසාදිතයින් හඳුනා ගෙන තිබේ.

එසේම අද දින උදෑසන මාරවිල ප්‍රදේශයෙන් ද කොවිඩ් ආසාදිත කාන්තාවක් ද හඳුනා ගෙන තිබේ.

එම කාන්තාව කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශීකාවක් ලෙස සේවය කරන තැනැත්තිය කි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ යුතු පීසීආර් පරීක්ෂණ හා නිරෝධායන කටයුතු අඛණ්ඩව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරමින් පවතී.




No comments:

Post a Comment

Post Bottom Ad