කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී මුස්ලිම් ව්‍යාපාරිකයින් හා විද්වතුන් හමුවූ අවස්ථාවේ දී එසේ පැවසූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එවැනි මුස්ලිම් නායකයින් සිය ආණ්ඩුවේ පවා සිට ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ පොහොට්ටුව පක්ෂය බිහිකිරීමට සිදුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්ට සහාය දුන් මන්ත්‍රීවරු පිරිසක් එලවා දැමීම බවය.
පක්ෂයෙන් නෙරපීමෙන් අනතුරුව දේශපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් නව නිවහනක් තනාගෙන මැතිවරණවලට ඉදිරිපත්ව පැවැති සියලු මැතිවරණවලින් ජයග්‍රහණය කළ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලට බය නිසා පහුගිය කාලයේ මැතිවරණ නොපැවැත්වූ බවද කී අග්‍රාමාත්‍යවරයා ඒ ආකාරයට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කිරීමට එජාපයේ මුස්ලිම් නායකයින්ගේ සහාය පවා හිමි වූ බව පෙන්වා දුන්නේය.
වත්මන් ව්‍යවස්ථාවේ සමහර වගන්ති මගින් ජනතාව අතර බෙදීම් ඇති කරනවා මිස ජනතාව එකතු කිරීමක් සිදුනොවන හෙයින් ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා එක්වන්නැයිද ඉල්ලා සිටියේය.
සිරිකොත අල්ලා ගැනීමට පමණක් උත්සාහ කරන එක්සත් ජාතික පක්ෂයේ දෙපිල රටේ ප්‍රශ්න සිරිකොතට ලඝු කිරීම කණගාටුවට කරුණක් යැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක, හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී, අල්හාජ් එම්. එම්. තස්ලීම් මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මධ්‍යම කාරක සභා සභික, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යොවුන් පෙරමුණේ නියෝජ්‍ය සංවිධායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සැලසුම් අංශයේ උපදේශක දේශශක්ති දේශකීර්ති සාෆි රෆීක් මහතා මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ලබා ගත්හ.
– සිසිර මුණසිංහ


No comments:
Post a Comment