ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි,නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 29, 2020

ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි,නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ඔරලෝසුවක වටිනාකම ලක්ෂ 65 ක් බව සමගි ජන බලවේගයේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

තවත් ඔරලෝසුවක් ලක්‍ෂ 54ක් බවත් නාමල් රාජපක්ෂ මහතාට එවන් ඔරලෝසු 30ක් පමණ ඇති බවත් ඔහු කියා සිටියේය.

අද රාජපක්ෂ පවුල ආසියාවේ ඉන්න පොහොසත්ම පවුල බවට පත්වී ඇති බවද ඔහු පැවසීය.

අද නාමල් රාජපක්ෂ මහතා පදිංචි වී සිටින්නේ කොළඹ හතේ නිවසක බවත් එය ලක්ෂ 3000කට වඩා වටිනා බවත් සේනසිංහ මහතා සදහන් කලේය.

සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad