වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කල එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පැවසිය.
රනිල් වික්රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නුවරඑලිය දිස්ත්රික්කයෙන් මහ මැතිවරණය සදහා තරග කරන අපෙක්ෂක කේ.කේ.පියදාස මහතාගේ ජයග්රහණය තහවුරු කිරිම සදහා (25) දින හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති මැතිවරණ ප්රචාරක රැස්විම අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේ
අපි නුවරඑලියට වැඩ කරල තියෙන ආණ්ඩුවක් , වතුරයටත් සේවයක් කරා.
මම වතු පාසල් විද්යාල බවට පත් කරලා ගුරුවරුන් ලබා දුන්නා.
එදා වතු කම්කරුවන්ට පුරවැසිභාවය ලබා දුන්නේ ජේ.ආර්.ජයවර්ධන මහතා සහ මම වෙන කවුරුත් නෙවෙයි.
මම අගමැති වුණාම ඉන්දියානු රජයෙන් ආධාර ලබාගෙන වතු කම්කරුවන්ට නිවාස දොලොස් දහසක් ඉදි කරනවා.
අපේ අඩුපාඩුකම් තිබුණා. ඒකට මම කාටවත් චෝදනා කරන්නේ නැ.
එක්සත් ජාතික පක්ෂය තමයි වතුකරය ගැන බලාගත්තේ .
ආණ්ඩුව කොරොනා පාලනය කරන්නේ නැ . දිනකට පරික්ෂණ පන්දහසක් කරන්න ඕනි.
ආර්ථිකය කඩා වැටිලා මුදල් නැ . විදේශ විනිමය හැටියට ඩොලර් මිලියන හත්දහසක් නැති වෙලා.
රටේ බර මේ ආණ්ඩුව ගෙනියන්න ඕනි , මේ සියල්ල දියුණු වෙලා රට යථා තත්ත්වයට පත් වෙනකම්.
ආණ්ඩුවට සල්ලි නැ ,
මේ සමයේ අපි සිටිය නම් එක්සත් ජාතික පක්ෂයට හොද සම්බන්ධකම් තියෙනවා , ජාත්යන්තර සහය ලැබෙනවා. ඩොලර් මිලියන හයදහසක් හෙයා ගන්න තිබුණා.
එතකොට රුපියල ශක්තිමත් වෙනවා .
කොරොනා සමයේ ලක්ෂ දහයකටවත් රැකියා නැති වෙනවා , ඒ රැකියා නැති වුණ මසකට අයට රු දස දහසක් දෙනන් තිබුණා අවුරුද්දක් .
ව්යාපාර වැටෙන්නේ නැති වෙන්න ලබා ගන්නවා.
සමහරු කියනවා අපේ කාර්යාලය අල්ල ගන්නවලු, සමහරු කියනවා අපි එක්සත් ජාතික පක්ෂයේ කියලා. සමහරු කියනවා එක්සත් ජාතික පක්ෂය ඉඩ දුන්නලු තරග කරන්න කියලා.
අන්තිමට මාව උසාවි ගෙනහින් නඩු දැම්මා. හැබැයි ඔහුන් පැරදුණා.
සමගි ජන බලවේගය වෙනම පක්ෂයක් එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නෙවෙයි.
පක්ෂයට අයිති ගොඩනැගිල්ල අල්ලන්න ආවොත් පොලිසියට කියනවා ඒ අය අල්ලන් යන්න කියලා.
මම ඩිල් දනවා කිව්වා ආණ්ඩුව එක්ක , මහාධිකරණය කියනවා මේ අය බොරුකාරයෝ කියලා.
එක්සත් ජාතික පක්ෂයේ ඉන්නව නම් අලියට ජන්දය දෙන්න.
රට බේර ගන්න පුළුවන් , ආර්ථිකය ගොඩ ගන්න , ජනතාවගේ අතට සල්ලි ගෙන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. යනුවෙන් පැවසිය.
මෙම අවස්තාවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්රික් අපෙක්ෂක නවින් දිසානායක මහතාද සහභාගි විය.
– හැටන් රංජිත් රාජපක්ෂ
Saturday, July 25, 2020
Home
ප්රවෘත්ති
මේ ආණ්ඩුවට සල්ලි නෑ.. ඉල්ලගන්න ජාත්යන්තර යාළුවොත් නෑ.. මං අගමැති කලොත් සල්ලි ගෙනත් රට ගොඩදානවා..
මේ ආණ්ඩුවට සල්ලි නෑ.. ඉල්ලගන්න ජාත්යන්තර යාළුවොත් නෑ.. මං අගමැති කලොත් සල්ලි ගෙනත් රට ගොඩදානවා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment