මෙරට ජාතික, සංස්කෘතික හා දේශපාලනික ක‍්‍රියාකාරකම්වල යෙදෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසියම් කණ්ඩායමක් විසින් ත‍්‍රස්තවාදියකු ලෙස නම් කර ඇති බවත් රජයේ විධායක පරිපාලන ක‍්‍රියාවක් මගින් උන්වහන්සේගේ මානව හිමිකම් කඩ කිරීමක් සිදුවී ඇති බවත් සමාජ මාධ්‍ය ජාලා වාරණයක් කර ඇති බවත් අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ ගලගොඩඅත්තේ හිමියන්ට සමාජ මාධ්‍ය ජාලා වාරණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මානව හිමිකම් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීය.
"විශේෂයෙන් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්වහන්සේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව විශාල දැනුවත් කිරීමක් සමාජයේ කළා. විශේෂයෙන් සහරාන්ගේ බෝම්බයෙන් පස්සේ ඒ දේ ඇත්ත වුණා. ඉස්ලාම් අන්තවාදී ක‍්‍රියාකාරකම් පිළිබඳව සහ රටට එල්ලවීමට ඇති අනතුරු ගැන උන්වහන්සේ කලින් දැනුවත් කරලා තිබුණා. ඒ සියල්ලම සනාථ වෙලා තිබෙද්දිත් උන්වහන්සේ කියූ සියල්ල සත්‍යයක්ව තියෙද්දිත් පසුගිය රජය උන්වහන්සේ ත‍්‍රස්තවාදියකු ලෙස නම් කළා. ඒ වගේම උන්වහන්සේගේ ප‍්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් කරලා තියෙනවා. රජයේ මාධ්‍ය අපට ප‍්‍රචාරක කටයුතුවලට ඉඩ දෙන්නේ නැහැ. පෞද්ගලික නාලිකාවලටත් ඒ වගේම ඉඩක් ලැබෙන්නේ නැහැ. අපට අදහස් ප‍්‍රකාශ කරන්න දැනට අපට තිබෙන එකම ස්ථානය තමයි සමාජ මාධ්‍ය. ඒකත් අවහිර කරනවා නම් ඒක අසාධාරණයි." යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
Saturday, July 11, 2020

"ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ත‍්‍රස්තවාදී ලේබලය ගහලා - මේක මානව හිමිකම් කඩකිරීමක්"
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment