සරත්ට හුරේ දැමූ ආනන්ද විදුහල්පතිට ලෙඩක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 11, 2020

සරත්ට හුරේ දැමූ ආනන්ද විදුහල්පතිට ලෙඩක් !

ධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයකු වන කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂක සරත් වීරසේකර මහතාට සහයෝගය පළ කර ඇති බවට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

ඒ මහතා මෙසේ සහභාගි වී ඇත්තේ පසුගිය ජුනි 15 වැනිදා නුගේගොඩ, ගංගොඩවිල ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති වීරසේකර මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට බව පැවසේ.

අදාළ සිද්ධිය සනාථ කිරීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණිලිකරු විසින් ඡායාරූප ද ලබාදී ඇති බව වාර්තා වේ.

මේ සිද්ධියෙන් ආයතන සංග්‍රහය සහ මැතිවරණ නීති උල්ලංඝනය වන බව පැමිණිලිකරු පෙන්වා දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad