කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුර පාලනය කරගත හැකි යැයි තමන් දැඩි විශ්වාසයකින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
මීට පෙර පැවැති කොරෝනා පොකුරු පාලනය කළ ආකාරයෙන්ම මෙයද පාලනය කළ හැකි වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.
මෙරට සෞඛ්‍ය අංශ සතුව ඇති සුපිරි අවිය නිරෝධායනය කිරීම බවත් පැවසූ ඔහු නිරෝධායනය කිරීමේ දී අවශ්‍ය කාල සීමාව පසුකළ පසු කොරෝනා පරීක්ෂණ නොකර සිටීමට වුවද හැකි බවත් ඔහු සඳහන් කළේය.
නමුත් කොරෝනා පරීක්ෂණය කළා කියා නිරෝධායනීය නොකර සිටිමේ හැකියාවක් නැතැයි ද ඔහු කියා සිටියේය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
පෙර පරිදිම ජනතා සහාය මේ අවස්ථාවේදීද බපාපොරොත්තු වන බවක් සමාජ දුරස්ථභාවට, මුඛ ආවරණ, අත් සේදීම නිසි ලෙස පිලිපදිමින් මේ කාර්යට සහාය වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
-lankacnews
No comments:
Post a Comment