පුතුන් දෙදෙනාට සහ මවට මරු කැඳවූ වේයන්ගොඩ ත්‍රීරෝද රථ අනතුර - CCTV දර්ශන - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 12, 2020

පුතුන් දෙදෙනාට සහ මවට මරු කැඳවූ වේයන්ගොඩ ත්‍රීරෝද රථ අනතුර - CCTV දර්ශන

අද (12) සවස වේයන්ගොඩ - මැල්ලහැව මාර්ගයේ කුඹල්ඔලුව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් එය පැදවූ කාන්තාවට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් පෙරළී ඇත.

ඉන් එම රථය පැදවූ කාන්තාව සහ ඇයගේ අවුරුදු 9ක් සහ අවුරුදු 1 1/2ක් වයසැති පුතුන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් වේයන්ගොඩ පදිංචිකරුවන්ය.

එම අනතුරින් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර බරපතළ ලෙස තුවාල ලබා සිටි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා තිබේ.

එම අනතුරේ CCTV දර්ශන පහත දැක් වේ

 

No comments:

Post a Comment

Post Bottom Ad