IDH රෝහලෙන් පැනගිය ආසාදිතයා ගමන් මාර්ගය ගැන බොරු කියලා.. නිවසකට පැන ඇදුම් මාරු කරලා.. බයිසිකලයක් හොරෙන් අරන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 25, 2020

IDH රෝහලෙන් පැනගිය ආසාදිතයා ගමන් මාර්ගය ගැන බොරු කියලා.. නිවසකට පැන ඇදුම් මාරු කරලා.. බයිසිකලයක් හොරෙන් අරන් !

IDH රෝහලෙන් පැන ගොස් ජාතික රෝහලේදී සොයාගන්නා ලද කොරෝනා ආසාදිත පුද්ගලයා විසින් තමන්ගේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබා දී තිබෙන්නේ වැරදි තොරතුරු යැයි හෙළි වී ඇත.

ඒ අනුව නැවතත් ඔහුගෙන් ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කරයි.


පොලිසිය සිදු කල පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම ආසාදිතයා පලා යමින් සිටියදී රෝහලේ දී හැඳ සිටි ඇඳුම් ගලවා අතරමග නිවසකට ඇතුළු වී එහි ඇඳුම් ඇඳගෙන එහි තිබූ පාපැදියක්ද සොරාගෙන කොළඹ කොටුව දෙසට පලා ගොස් ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ඔහුගේ ගමන් මාර්ගය සෙවීම සඳහා ජාතික උණ රෝහලේ සිට ඇති සීසීටීවී කැමරා සහ වෙනත් සාක්‍ෂි උපයෝගී කර ගනිමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad