සජිත් කියන විදිහට 20,000ක් දෙන්න ලෝක බැංකුවේ සල්ලි අච්චු ගහන මැෂිම ගෙනාවත් බැහැ - රවී (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Sunday, August 2, 2020

සජිත් කියන විදිහට 20,000ක් දෙන්න ලෝක බැංකුවේ සල්ලි අච්චු ගහන මැෂිම ගෙනාවත් බැහැ - රවී (VIDEO)

සජිත් ප්‍රේමදාස ආර්ථික පැකේජයක් ගැන කියන්නේ අවම වශයෙන් සෑම පවුලකටම රු.20,000 බැගින් දෙන ආකාරය ගැන හෝ නිශ්චිතව ප්‍රකාශ නොකරන තත්ත්වයක් වන අතර ඔහු පවසන පරිදි  පවුලකට රු. 20,000 බැගින් දීමට ලෝක බැංකුවේ මුදල් අච්චු ගහන මැෂිම ගෙනාවත්  කළ නොහැකි බව එජාප උපනායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා පැවසුවේය.

රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී පැවති ජන හමුවක් අමතමිනි.

තමන් විසින් පාලනය කළ අමාත්‍යාංශයේ සේවකයන් 4500කට වැටුප් ගෙවා ගැනීමට නොහැකි වූ තැනැත්තෙකු රටක ආර්ථිකයක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි රවී කරුණානායක මහතා කියා සිටියේ.

රටක ආර්ථිකය පවත්වා ගෙන යාම යනු කතා කීමෙන් කළ නොහැකි අතර එය ප්‍රයෝගිකව කිරීමේ හැකියාව පැවතිය යුතු බව ඔහු පෙන්වාදුන්නේය.

රටට එවැනි විහිළු නොසපයා එක්සත් ජාතික පක්ෂය මෙන් ප්‍රයෝගිකව කළ හැකි දේ ගැන පමණක් කතා කළ යුතු බවයි එජාප උපනායකවරයා අවධාරණය කළේ.

එමෙන්ම කොරෝනා අවදියේ සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කළ බෙහෙත බිව්වා නම් මේ වන විට දිව්‍ය ලෝකයේ බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *