ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණයේ සිටි තරුණියන්ට පොලිස් ප්‍රහාරයක් - තිදෙනෙක් රෝහලේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 25, 2020

ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණයේ සිටි තරුණියන්ට පොලිස් ප්‍රහාරයක් - තිදෙනෙක් රෝහලේ

නාධිපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (25) විරෝධතාවයේ නියැළුණු රැකියා අහිමි වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පිරිසක් විසුරුවා හැරීම සඳහා පොලිසිය කළ පහරදීමකින් තුවාල ලැබූ තරුණියන් තිදෙනෙකු රෝහල්ගත කර තිබේ.

සාමාන්‍යයෙන් කාන්තාවන් විරෝධතාවයෙහි නියැළෙන විටෙක ඔවුන් ඉවත් කිරීම සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් යෙදවිය යුතු වුවත් මෙහිදී හැඩිදැඩි පිරිමි පොලිස් නිලධාරීන් මෙම තරුණියන්ව ඉතාම නින්දිත ලෙස දෙපාවලින් අල්ලා ඔසවා බිම දමන ආකාරයක් දැකගත හැකිවූ අතර එක් තරුණියකගේ ගෙල මිරිකන ආකාරයක් ද දැකගත හැකිවිය. තවත් තරුණයින් කිහිප දෙනෙකු මහපාරේ බිම දිගේ ඇදගෙන යන අයුරු ද දක්නට ලැබිණි.

මෙම සේවක පිරිස ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලය අසලට පැමිණ තිබුණේ සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස ඔවුන්ට කර තිබුණු දැනුම් දීමක් අනුව වන අතර ඔවුන් මාර්ගය අවහිර කරමින් විරෝධතා දක්වා ඇත්තේ පස්වරු 4.00 වනතුරුත් එම සාකච්ඡාව සඳහා ඔවුන්ට අවස්ථාවක් ලබා නොදීම නිසාය.


No comments:

Post a Comment

Post Bottom Ad