රනිල් සිරිකොතේ තනි කරමින් කරූ එජාප ලොකුම පළුවක් අරන් දුරකතනයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 28, 2020

රනිල් සිරිකොතේ තනි කරමින් කරූ එජාප ලොකුම පළුවක් අරන් දුරකතනයට

හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු තවත් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් ඉතා ආසන්නයේදීම සමගි ජන බලවේගය සමග එක් වීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා නොදුනහොත් ඔහුට පක්ෂපාතීව සිටින එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් විසින් මෙම තීරණය ගැනීමට නියමිතය.

බොහෝ දුරට මීළඟ පළාත් සභා මැතිවරණයට පෙර එම කටයුත්ත සිදුවනු ඇතැයිද වාර්තා වෙයි.

කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගන්නැයි කර ඇති යෝජනාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් දැඩි විරෝධතාවයක් එල්ල වෙමින් ඇත.

තමන් හා එක්වන ලෙස දැනටමත් කරු ජයසුරිය මහතාට සමගි ජන බලවේගයෙන් ආරාධනා ලැබී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad