ලංකාවේ අලුත් වාහන අවසන් තොගයේ… දැනට ඇති වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 28, 2020

ලංකාවේ අලුත් වාහන අවසන් තොගයේ… දැනට ඇති වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට !

මෙරට තුල ලියාපදිංචි කල හා නොකල වාහනවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

ලියාපදිංචි නොකල මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දහයක පමණ ඉහළ ගොස් තිබේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ රජය විසින් වාහන ආනයනය අත්හිටුවීමට ගත් තීරණයත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

දැනට මෙරට තුල ඇත්තේ ලියාපදිංචි නොකල වාහන දස දහසක් පහලොස් දහසක් අතර ප්‍රමාණයක් බවත් එය ප්‍රමාණවත් වන්නේ ඉදිරි මාස 6ක කාලසීමාව පමණක් බවත් සංගමයේ සභාපති ප්‍රසාද් කුලතුංග මහතා සඳහන් කළේය.

ඒ අනුව බොහෝ දුරට ඉදිරි මාස හයක පමණ කාලයෙන් පසුව මෙරට වෙළඳ පොළේ වාහන නොමැති වීමට ඉඩ ඇතැයි ද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad