දෙන්නෙකුට නායකයා වෙන්න බැහැ - ප්‍රශ්නය විසදෙන තෙක් මම නායකත්වයේ ඉන්නවා - රනිල් වික්‍රමසිංහ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 9, 2020

දෙන්නෙකුට නායකයා වෙන්න බැහැ - ප්‍රශ්නය විසදෙන තෙක් මම නායකත්වයේ ඉන්නවා - රනිල් වික්‍රමසිංහ

මහ මැතිවරණයේදී අන්ත පරාජයට පත් එජාපයේ අනාගත නායකත්වය සඳහා නවින් දිසානායක හා රුවන් විජේවර්ධන යන මහත්වරුන්ගේ නම් යෝජනා වීම රනිල් වික්‍රමසිංහ මහතා සිය වාසියට හරවා ගෙන තිබෙන බව වාර්තා වේ.

දෙදෙනෙකුට පක්ෂයේ නායකයන් වීමට නොහැකි බැවින් එම ප්‍රශ්නය විසදන තෙක් තමා පක්ෂයේ නායකත්වයේ සිටින බව වික්‍රමසිංහ මහතා පක්ෂයේ ප්‍රභලයින් වෙත දැනුම් දී තිබේ.

මහ මැතිවරණයේ අන්ත පරාජයක් ලබා තිබෙන මේ මොහොතේ පක්ෂ නායකත්වය සඳහා දිසානායක හා විජේවර්ධන යන මහත්වරුන් අතර ජන්දයක් විමසුවහොත් ඉන් පක්ෂය තවත් අර්බුධයකට යන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.

ඒ අනුව දිසානායක හා විජේවර්ධන යන මහත්වරුන් මේ ප්‍රශ්නය සාකච්ජා මාර්ගයෙන් විසඳා ගන්නා තෙක් තමා නායකත්වයේ සිටින බවද වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad