ජනාධිපති ආරක්‍ෂක ඇමති වීම ව්‍යවස්ථා විරෝධීයි.. ආරක්‍ෂක අමාත්‍යංශයට මුදල් වෙන් කරන්න බෑ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 29, 2020

ජනාධිපති ආරක්‍ෂක ඇමති වීම ව්‍යවස්ථා විරෝධීයි.. ආරක්‍ෂක අමාත්‍යංශයට මුදල් වෙන් කරන්න බෑ..

අතුරු සම්මත ගිණුම හරහා රුපියල් බිලියන 174ක මුදලක් ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටීම නීතිවිරෝධී බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධයෙන් වගකියන ඇමතිවරයෙක් නොමැති බව ඔහු පැවසීය.

එවන් තත්ත්වයකදී මෙතරම් මුදලක් එම අමාත්‍යාංශයට වෙන් කිරීම නීති විරෝදී යයිද ඒ මහතා කීය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ නොනිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දරන බවත් එය ව්‍යවස්ථා විරෝධී බවත් ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම ගැන අදහස් පල කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad