මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි හාරගම, මයිලපිටිය, දිගන ප්‍රදේශයේ පිහිටි ප්‍රදේශයේ ජනතාවට අද රාත්‍රී කාලයේ භුමියේ සෙලවීමක් දැනී තිබෙන බවට වාර්තා වනවා. භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම සිදුවීම අද රාත්‍රී 8.30 ට වාර්තා වූ බවයි.
කෙසේ වුවත් මෙම සිදුවීම භුචලනයක් නොවන බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ ප්ර්කෂකයෙකු සඳහන් කළේ. මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි භූචලන මාපකයේ පමණක් යම් සංඥාවක් සටහන්ව ඇති බවත් එය සාමාන්‍ය භූචලනයක් නිසා ඇතිවූ දෙයක් බවට නිරීක්ෂණය නොවන බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.
දිවයිනේ පිහිටි අනෙක් භූකම්පන මාපක 04 ට කිසිදු භුචලනයක් පිලිබඳ සටහනක් වාර්තාවී නොමැති බව පැවසූ එම ප්‍රකාශකවරයා හෙට දිනයේදී විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි භූකම්පන මාපකය සටහන්ව ඇති සංඥාව සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට යාමට නියමිත බවද සඳහන් කර සිටියා.
Saturday, August 29, 2020
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අසාමාන්‍ය ලෙස භුමියේ සෙලවීමක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment