අපට 2/3 දුන්නේ පරිසර සංහාරයක් කරන්න නොවේ..- ‘වියත්මග’ සංවිධායකගෙන් ප‍්‍රහාරයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 8, 2020

අපට 2/3 දුන්නේ පරිසර සංහාරයක් කරන්න නොවේ..- ‘වියත්මග’ සංවිධායකගෙන් ප‍්‍රහාරයක්

නතාව ශ්‍රි ලංකා පොදුජන පෙරමුනට 2/3ක ආන්ඩු බලයක් ලබාදුන්නේ රටෙි පරිසරය ආරක්ශා කරගනිමින් රටෙි වනවැස්ම වැඩි කිරිමට විනා වන සංහාරයක් කොට පරිසරය විනාශ කිරිමට නොවන බව වියත්මග හමිබන්තොට දිස්ත්‍රික් සංවිධායක පා.ම වෛද්‍ය උපුල් ගලප්පත්ති මහාතා පවසයි.

එබැවින් පසුගිය සති කිහිපය තුල වාර්ථා වන විනාශයන්ට ආන්ඩුවෙි දේශපාලනඥයින් සමිබන්ධ වී ඇත්නමි ඔවුන්ට තරාතිරම නොබලා දඩුවමි ලබාදිය යුතු බව මන්ත්‍රිවරයා පැවසීය.

විසිවන ව්්‍යවස්ථා සංශෝධනය සමිබන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවෙ ජනාධිපතිවරයාට විධායක බලතල නැවත ලබාදීමට හා ස්ථාවර රාජ්‍ය පාලනයක් ඇති කිරිම සදහා ඉදිරිපත් කොට ඇති විසිවන ව්‍්‍යවස්ථා සංශෝධනය මන්ත්‍රි ජන්ද 160ක පමන ප්‍රමාණයකින් සමිමත කරගැනිමට හැකියාව ලැබෙනු ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පැවසුවෙ රජයේ හෙද පුහුනුව ලබන හෙදියන් ගේ සහා විද්‍යාපීඨ සීමාවාසි ගුරුවරුන් ගේ අගෝස්තු මස දීමනා ගෙවිම ප්‍රමාද වීම පිලිබද තමාව හමුවීමට පැමිනි පාක්ශිකයින් කිහිපදෙනෙක් පැවසු බවත් මෙම ගැටලුව පිලිබදව කඩිනමින් මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ශ මහාතාට දැන් වු බවත් අග්‍රාමාත්‍යවරයා මෙයට විසදුමි ලබාදෙන බවට තමාට පොරොන්දු වු බවය.

මන්ත්‍රිවරයා මෙම අදහස් දැක්වුයේ පසුගිය දෙබරවැව ප්‍රදේශයේ පැවති ස්තුති කිරිමෙ ජනහමුවක් අමතමින්ය.

– මාධ්‍ය ඒකකය 


No comments:

Post a Comment

Post Bottom Ad