විග්නෙෂ්වරන්ගේ ප‍්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න බෑ.. එසේ කීමට ඔහුට අයිතියක් තියෙනවා..- වාසු - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 2, 2020

විග්නෙෂ්වරන්ගේ ප‍්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න බෑ.. එසේ කීමට ඔහුට අයිතියක් තියෙනවා..- වාසු

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාට ඔහුගේ මතය පාර්ලිමේන්තුවේ පළ කිරීමට අයිතියක් ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එම ප්‍රකාශය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.

නමුත් ඔහුගේ මතයට කිසිවකු විරුද්ධ නම් ඊට විරුද්ධ වීමේ අයිතියද ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

කිසිවෙකු විරුද්ධ වූවා කියා විග්නේෂ්වරන් මහතාට ඔහුගේ මතය කීමේ අයිතිය නැති වෙන්නේ නැතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

කොලඹ පැවති මාද්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad