මේජර් ජෙනරාල් ප්‍රියංකර පෙරේරා ඇතුළු යුධ හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකුට, මේජර්වරයෙකුට සහ නාගරික සංවර්ධන අධිකාරියට මේ මස (15) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා විසින් (02) දින නොතෙසි නිකුත් කල බව ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.
කොළඹ වානිජ මහාධිකරණයේ (සිවිල්/65/98/1/2018 ) යටතේ සිදුව ප්‍රදේශයේ පදිංචි තම සේවාදායකයාට අයත් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි විශාල ඉඩමක් සහිත ගොඩනැගිල්ලි කිහිපයක් තම සේවාදායකයාගේ කිසිදු අවසරයකින් තොරව යුධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සදහා බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් මේ වන විට යුධ හමුදා භට පිරිසක් එම ගොඩනැගිලි වල ස්ථාපනය කර එම භුමිය මේ වන විට යුධ හමුදා කදවුරක් බවටි පක් කර ඇති බවයි ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ.
තම සේවාදායකයාට වානිජ මහාධිකරණයෙන් වසර පනහක භුක්තියකට හිමි වි ඇති හැටන් කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි වැඩබිම සහ ගොඩනැගිලි යලිත් තම භුක්තියට ඉල්ලා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කල පෙත්සමක් සලකා බලමින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයා මෙසේ යුධ හමුදා නිලධාරින්ට සහ නාගරික සංවර්ධන අධිකාරියට නොතෙසි නිකුත් කල බවද ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහාතා වැඩිදුරටත් කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
Wednesday, September 2, 2020
යුද හමුදාවට විරුද්දව නඩු දමයි.. නිරෝධායන මධ්‍යස්ථානයකට විරෝධය..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment