හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 22, 2020

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණෙයි





හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ජනාධිපති කොමිසමට පැමිණ සිටිනවා. හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම් වරයා කොමිසමට ලබාදුන් සාක්ෂිය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා නිකුත් කළ මධ්‍ය නිවේදනයට විරෝධය දක්වමින් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරුන් ඊයේ කොමිසම හමුවේ විරෝධතාවයක් ගොනු කලා.


 ඊට අදාළව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කොමිසම හමුවේ අද කරුණු දක්වා සිටියා. අදාළ මාධ්‍ය නිවේදනය පිළිබඳව කොමිසමට සහාය වන රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරිය ද කරුණු දැක් වූ අතර ඒ පිළිබඳව කරුණු සලකා බලා  සුදුසු නියෝගයක් හෙට දිනයේ ලබා දෙන බව කොමිසම දන්වා සිටියා.


මේ අතර පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රථම වරට  සාක්ෂි විමසීම මේ වන විට සිදු කරමින් පවතිනවා .හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිීපාල සිරිසේන මහතා ද මේ වන විට කොමිසමේ රැඳී සිටිනවා .


No comments:

Post a Comment

Post Bottom Ad