ඉන්දියාවේදී කොටු වූ ‘කුඩු කොස්තාපල් චමින්ද ’ බේරාගැනීමේ තැතක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 11, 2020

ඉන්දියාවේදී කොටු වූ ‘කුඩු කොස්තාපල් චමින්ද ’ බේරාගැනීමේ තැතක්

මෙරටට ගෙන්වා ගැනීම වැළැක්වීමට 
ජාවාරම්කරුවන්ගේ උත්සාහයක්

ඉන්දියාවේ ධනුෂ්කොඩි හිදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ කොස්තාපල් චමින්ද කුමාර නමැත්තා බේරා ගැනීම සඳහා ඉන්දියාවේ සිටින මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් කීපදෙනෙකු දැඩි උත්සාහයක නිරත වී සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා ශ‍්‍රී ලංකාවට රැගෙන යෑම වැළැක්වීම සඳහා මෙම හෙරොයින් ජාවාරම්කරුවන් නීතිඥවරුන්ගේ සහාය ද ලබාගෙන දැඩි උත්සාහයක නිරත වී සිටින බව වාර්තා වෙයි.
මෙම පොලිස් කොස්තාපල්වරයා ශ‍්‍රී ලංකාවට රැගෙන ගියහොත් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් රැසකගේ තොරතුරු හෙළිවන නිසා ඔහු මෙරටට ගෙන්වා ගැනීම වැළැක්වීමට මෙම ජාවාරම්කරුවන් උත්සාහ කරන බව ද පොලිසිය පවසයි.

එහෙත් මේ වන විටත් මෙම පොලිස් කොස්තාපල්වරයා ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබා ගැනීමට කටයුතු කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මෙම කොස්තාපල්වරයා සපුගස්කන්ද ප‍්‍රදේශයේ ලී මඩුවක රුපියල් කෝටි 23 ක හෙරොයින් තොගයක් ගබඩා කරගෙන සිටියදි එම හෙරොයින් පොලිසිය මගින් සොයා ගන්නා ලදී.

මෙම පොලිස් කොස්තාපල්වරයාගේ සොහොයුරා එහිදී අත්අඩංගුවට ගත් අතර ගබඩා කර තිබූ හෙරොයින් තොගය ද පොලිස් භාරයට ගෙන තිබිණි.

මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමත් සමඟම පොලිස් කොස්තාපල්වරයා මන්නාරම පේසාලේ ප‍්‍රදේශයෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවට පලා ගිය අතර ධනුෂ්කොඩි ප‍්‍රදේශයේදී ඔහු එරට පොලිසියට කොටුවිය.

No comments:

Post a Comment

Post Bottom Ad