හැටන් නගර මධ්‍යයේ වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය තුල ජාතික හැදුනුම්පත් රැසක් සහ මුදල් පසුම්බි කිහිපයක් තිබි හමුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 16, 2020

හැටන් නගර මධ්‍යයේ වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය තුල ජාතික හැදුනුම්පත් රැසක් සහ මුදල් පසුම්බි කිහිපයක් තිබි හමුවෙයි





හැටන් නගරය මධ්‍යයේ වැසි ජලය ගලා බසින කාණු පද්ධතියක් තුල ජාතික හැදුනුම්පත් කිහිපයක් සහ මුදල් පසුම්බි කිහිපයක් තිබි (17) දින හමු වු බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපාන මහතා පැවසිය.


හැටන් නගර මධ්‍යයේ වැසි ජලය ගලා බසින කාණු පද්ධතියට නගරයේ ඇතැම් වෙළදසැල් වල වැසිකිලි මලපහ පද්ධතිය කාණු පද්ධතියට ඉතා සුක්ෂම ලෙස බැහැර කර ඇති බවට හැටන් දික්ඔය නගර සභාවට ලද පැමිණිලි කිහිපයක් මත නගර සභාවේ සේවකයින් විසින් කාණු පද්ධතිය ගලවා පරික්ෂා කිරිමේදි එම සේවකයින්ට ජාතික හැදුනුම්පත් හයක් , ඒ.ටි.එම් කාඩ් පත් දෙකක් සහ  මුදල් පසුම්බි කිහිපයක්ද තිබි හමු වි ඇත.


එම මුදල් පසුම්බි තුල මුදල් නොතිබුණු අතර , එසේ සොයා ගන්නා ලද මුදල් පසුම්බි තුලයි ජාතික හැදුනුම්පත් සහ එ.ටි.එම්.කාඩ්පත් තිබි හමු වි ඇත්තේ.

හැටන්, බගවන්තලාව , මස්කෙලිය , කොටගල , තලවකැලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ  හැදැනුම්පත් බවට හැටන් පොලිසිය විසින් දැනට හදුනාගෙන ඇති අතර , එම පුද්ගලයින් පොලිස් ස්ථානය වෙත කැදවා විමර්ෂණයක් සිදු කර එසේ සොයාගත් ජාතික හැදුනුම්පත් භාර දිමට කටයුතු කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.


ඉකුත් වසරේ දිපවාලි උත්ස සමයේ හැටන් නගරයට පැමිණි පාරිභෝගිකයන්ගේ මුදල් පසුම්බි ගණනාවක් ගැට කපන්නන් විසින් සොරාගෙන ඇති බවට හැටන් පොලිසියට පැමිණිලි කිහිපයක් ලැබි  තිබු බවත්,  එම ගැට කපන්නන් විසින් සොරා ගන්නා ලද මුදල් පසුම්බි වල මුදල් රැගෙන හිස් මුදල් පසුම්බි කාණු පද්ධතියට දමන්නට ඇති බව හැටන් පොලිසිය සැකකරයි.


No comments:

Post a Comment

Post Bottom Ad