MT NEW Diamond නෞකාවෙන් පරිසර පද්ධතියට වූ හානිය පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් විසින් ගණනය කිරීම් අරඹයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 16, 2020

MT NEW Diamond නෞකාවෙන් පරිසර පද්ධතියට වූ හානිය පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් විසින් ගණනය කිරීම් අරඹයි



MT NEW Diamond නෞකාව අනතුරින් සමුද්‍රීය පරිසර පද්ධතියට වූ හානිය පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් ගණනය කිරීම් ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පාරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ, ඉන් එම සමුද්‍රීය පරිසරයේ මසුන්ට දැඩි බලපෑමක් සිදුව ඇති බවයි.


සමුද්‍රයට කාන්දු වන්නේ නෞකාව ධාවනයට යොදා ගන්නා ඉන්ධන බව රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු විය.


එහි ඇතුළතින් ලබාගත් අනෙකුත් ඉන්ධන සාම්පලවල පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බව ද දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළාය.


ගින්න නිවීම සඳහා වැය වූ රුපියල් මිලියන 340 ක මුදල හානි පූර්ණය කරන්නැයි නීතිපතිවරයා නෞකාව අයත් සමාගමේ නීතිඥවරුන්ගෙන් ලිඛිත හිමිකම් ඉල්ලීමක් කළේය.


ඒ පිළිබඳ තවත් අතරමැදි වාර්තාවක් ඉදිරියේදී නීතිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.

No comments:

Post a Comment

Post Bottom Ad