මහනුවර දිස්ත්‍රික්කයේ ජන්ද යළි ගණනය කරන්න යැයි මහසෝන් බලකායෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 2, 2020

මහනුවර දිස්ත්‍රික්කයේ ජන්ද යළි ගණනය කරන්න යැයි මහසෝන් බලකායෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්


ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත ජන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා.


මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා ඉකුත් මහ මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ තරග කළ මහසෝන් බලකායේ ප්‍රධානියා අමිත් වීරසිංහ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා.


එහි  වගඋත්තරකරුවන් ලෙස මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඇතුළු 19 දෙනෙකු නම් කර තිබෙනවා.


පෙත්සම ඉදිරිපත් කළ අමිත් වීරසිංහ මහතා කියා සිටින්නේ ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත ඡන්ද ගණනය කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවයි.


මේ හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට නොහැකි වූ බව ද ඔහු සිය පෙත්සමෙන් කියා සිටිනවා.


මේ හේතුවෙන් ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ සදහා ප්‍රකාශිත සියලුම ඡන්ද යළි ගණනය කර  අලුතින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලෙස මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් අයද සිටිනවා

No comments:

Post a Comment

Post Bottom Ad