"මම මේ දවස්වල කරන්නේ ටික් ටොක් විතරයි" - මංගලගේ අළුත්ම වැඩේ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 27, 2020

"මම මේ දවස්වල කරන්නේ ටික් ටොක් විතරයි" - මංගලගේ අළුත්ම වැඩේ - (video)

මේ දිනවල තමන් දේශපාලන කටයුතු වල නිරත නොවන අතර ටික් ටොක් කරමින් සිටින බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවා. සමරවීර මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (26) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කර තිබෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

ජනාධිපති වීමේ සිහිනය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විමසූ අතර ඊට පිළිතුරු  දෙමින් මංගල සමරවීර මහතා පැවසුවේ ඒ සඳහා තව වසර පහක්ම තිබෙන බවයි. 

මේ අතර තමන්ගේ අපේක්ෂාව රනිල් - සජිත් පාර්ශව එකට එකතුවීම බවද හිටපු අමාත්‍යවරයා කියාසිටියා. 


No comments:

Post a Comment

Post Bottom Ad