‘20ට’ එරෙහිව මුලතිව් තැන තැන පන්දම් දැල්වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 21, 2020

‘20ට’ එරෙහිව මුලතිව් තැන තැන පන්දම් දැල්වෙයි !

විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් මුලතිව් ප‍්‍රජාතන්ත‍්‍රීය එක්සත් තරුණ සංගමයේ සාමාජිකයෝ 20 වැනිදා රාත‍්‍රී මුලතිව් පළාතේ ස්ථාන කීපයකදී ගිනි පන්දම් දැල්වූහ.

කොරෝනා සෞඛ්‍යාරක්ෂිත නීතිරීතිවලට ගරු කරමින් එම සංවිධානයේ තරුණයෝ කුඩා කොටස් වශයෙන් තැන් තැන්වලට එක්ව මෙම පන්දම් පත්තු කිරීමේ විරෝධතාවයට එක් වී සිටියහ.

ඔවුන් කියා සිටියේ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ කුමන කරුණු ඉවත් කරනු ලැබූවත් මේ අවස්ථාවේදී නව ව්‍යවස්ථාවක් රටට අනවශ්‍ය බවයි.

රජය 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට පියවර ගන්නේ නම් තම සංවිධානය උතුරු පළාතේ අඛණ්ඩ විරෝධතා කි‍්‍රයාත්මක කරන බවද මුලතිව් ප‍්‍රජාතන්ත‍්‍රීය එක්සත් තරුණ සංගමයේ තරුණ පිරිස පැවසූහ.


No comments:

Post a Comment

Post Bottom Ad