කෑගල්ලේ වෛද්‍යවරියන් තිදෙනෙක්ට කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 21, 2020

කෑගල්ලේ වෛද්‍යවරියන් තිදෙනෙක්ට කොරෝනා


කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

ඒ අතර කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක් ද සිටිනවා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා,

“කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක්ට කොරෝනා රෝගය ආසාදනය වු බවට අපිට පසුගිය දිනක තහවුරු වුණා. එයින් එක් වෛද්‍යවරියක්ගේ ස්වාමිපුරුෂයාට රෝගය වැළඳී ඇති බවට පෙරම තහවුරු වුවා. ඊට අමතරව, ඇයගේ පුතාට රෝගය වැළඳී තිබුණා. එම වෛද්‍යවරියගේ බාල දියණිය සහ ගෘහ සේවිකාවට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. මේ වන විට අපි ඔවුන්ව කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත පිටත් කර යවා තිබෙනවා.“

No comments:

Post a Comment

Post Bottom Ad