රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රිස්කාන් බදියුදීන්ගේ නඩුව 21වන දා කැඳවීමට නියෝග - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 22, 2020

රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රිස්කාන් බදියුදීන්ගේ නඩුව 21වන දා කැඳවීමට නියෝග



ව්‍යාජ ඔප්පු සකස් කර තලේමන්නාරම් ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ක්‍රියා කළේ යැයි කියන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන   රිස්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අදාල පැමිණිල්ල ජනවාරි මස වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.


 මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියෙහි කැඳවනු ලැබුවා.


 එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම විමර්ශනයට අදාළව රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.


 එම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් විමසා ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.


 රජයේ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් එවීමට පියවර ගන්නා ලෙස දන්වමින් මහේස්ත්‍රාත්වරයා විසින් සිහිකැඳවීමක් යොමු කිරීමටද නියම කළා .


අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 21වන දා කරවීමටයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ.


තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80 ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීම සම්බන්ධයෙන් රිස්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad