බදුර්දීන් ගන්නේ රෙදි ඇඳගෙනද.. බලය නොලැබුනා නම් මීට වඩා හොදයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

බදුර්දීන් ගන්නේ රෙදි ඇඳගෙනද.. බලය නොලැබුනා නම් මීට වඩා හොදයි…

 20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම නොව ජනතා අපේක්‍ෂා ඉටුකිරීම නව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. නමුත් දැන් දැන් ජනතා අපේක්ෂාවන්ට වඩා වෙන වෙන අපේක්ෂාවන් ඉෂ්ට වෙන බවක් පේන්නට ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවේ අදහස් පළ කළහ.

ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක අසීමිත බලයක් ලබාදී තිබියදී තවත් අය එකතු කර ගැනීමට යන්නේ යැයි ආරංචි ලැබී ඇතැයි ද පැවසූ උන්වහන්සේ බදුර්දීන්ගේ සහාය ගන්න ආණ්ඩුව සූදානම් වන්නේ රෙදි ඇඳගෙනදැයි විමසීය.

බලය නැතිව සිටියා නම් මීට වඩා හොඳ බව ද පැවසූ උන්වහන්සේ ජනතා විරුද්ධවාදීන් එක් කරගැනීම එම ජනතා මතයට කරන හානියක් යයිද කීහ.

No comments:

Post a Comment

Post Bottom Ad