සජිත් පිළේ ඩයනා රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කිරිමේ සුදානමක ??? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 22, 2020

සජිත් පිළේ ඩයනා රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කිරිමේ සුදානමක ???

විසිවන සංශෝධනයට පක්ෂව තම පක්ෂයේ කිසියම් මන්ත්‍රීවරයකු ඡන්දය දුන්නොත් වහාම එවැනි මන්ත්‍රීවරයකු පක්ෂයෙන් නෙරපා හැරීමට සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගය තීන්දු කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ අද (22) උදැසන පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී බව වාර්තා වේ. 

මේ අතර එම රැස්වීමට විසිවන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහභාගී වී නොමැති බවද එහි සදහන්ය.

රත්නපුර මන්ත්‍රී හේෂා විතානගේ, අනුරාධපුර මන්ත්‍රී රෝහණ බණ්ඩාර හා බදුල්ල මන්ත්‍රී චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන්ද තමන් ආණ්ඩුවට එක්වීමට නියමිත බවට පලවී ඇති වාර්තා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

සමගි ජන බලවේගයෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ දෙදෙනෙකු හා රවුෆ් හකීම් ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු විස්සට සහය දෙමින් අද පස්වරුවේ ආණ්ඩුවට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

-theleader


No comments:

Post a Comment

Post Bottom Ad