කොවිඩ් – 19 ආසාධිත තරුනයා පෙම්වතිය ගේ නිවසේ සැගව සිටියදි සොයාගනි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 8, 2020

කොවිඩ් – 19 ආසාධිත තරුනයා පෙම්වතිය ගේ නිවසේ සැගව සිටියදි සොයාගනි.

 

කොළඹ වරයේ සේවය කල 22 හැවිරිදි තරුණයකු කොවිඩ් – 19 ආසාධිතයකු බවට තහවුරු වී ඇතැයි ආණමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න පවසනවා.

මෙසේ කොරෝනා ආසාධිතයකු බවට තහවුරු වී ඇත්තේ ආණමඩුව, මැරුන්ගොඩ මහ උස්වැව එච් ගම්මානයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

අදාල තරුණයා කොළඹ වරායේ පුද්ගලික සමාගමක සේවය කර ඇති අතර දින 03කට පෙර මෙම තරුණයා කොළඹ දී ජෛව පටල සාම්පල් ලබා ගෙන තිබිය දී මෙසේ නිවසට පැමිණ තිබේ.

එම ජෛව පටල සාම්පල පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාධිතයකු බවට හඳුනාගෙන තිබේ.

මෙම ආසාධිතයා තමන් ආසාධිතයකු බව දැන ගත්ත ද එය තම පෙම්වතියගේ නිවසට වසං කරමින් එහි රැදි සිට ඇති බවත් කියයි.

ඒ සමග මෙම ආසාධිත තරුණයා අදාල නිවසට පැමිණීමට පෙර ආණමඩුව සතොසට ගොස් ඇති බවත් තවත් වෙළද සැලකට ගොස් එළවළු මිලදි ගෙන ඇති බවද කියයි.

ඒ අනුව ආණමඩුව සතොස ආයතනය ආණමඩුව ප්‍රාදේශීය සභාව විසින් විෂබිජහරණය කර දැමිමට කටයුතු කර තිබුණි.

මේ සමගම සතොස ආයතනයේ සේවය කල සේවකයින් සිව් දෙනෙකු දින 14ක කාලයක් නිරෝධායනයට යොමු කිරිමටද ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කටයුතු කර තිබුණි.

අදාල ආසාධිත තරුණයා රැදි සිටි නිවසේ කුඩා දරුවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ මව හා ආසාධිත තරුණයාගේ පෙම්වතිය ද නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණි.

ආසාධිත තරුණයා දංකොටුව රෝහලේ කොවිඩ් ඒකකයට යොමු කිරිමටද කටයුතු කිරිමට කටයුතු කල බව ආණමඩුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන සිසිල් චාමර හේමචන්ද්‍ර හා ප්‍රියන්ත සරත් කුමාර සඳහන් කර සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad