නන්දා මෝටර්ස් අනතුරට සම්බන්ධ තරුණිය කවුද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

නන්දා මෝටර්ස් අනතුරට සම්බන්ධ තරුණිය කවුද?

කොළඹ 07 ඇල්බර්ට් චන්ද්‍රවංකයේ පිහිටි නන්දා මෝටර්ස් වාහන අලෙවි සැල ඇතුළට තරුණියක් විසින් ටොයෝටා ලෑන්ඩ් කෲසර් වර්ගයේ මෝටර් රථයක් පදවා අනතුරක් සිදුකර තිබේ.

මේ අනතුර සිදුකර ඇත්තේ උසස් පොලිස් නිලධාරියකුගේ දියණියක් විසින් බවද පැවසේ.

අනතුරෙන් නන්දා මෝටර්ස්හි අලෙවියට තබා තිබූ මෝටර් රථ දෙකකට ද අලාභ හානි සිදුව තිබේ.

එම නිලධාරියාගේ පුතා විසින් ඉකුත් වසරේදී බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මෝටර් රථයකින් යටකර පලා ගිය බවට ද චෝදනාවට ලක්ව සිටී.

මෙම මෝටර් රථය Casons Car කුලී රථ සපයන ආයතනයේ හිමිකරුගේ පුතුට අයත් එකක් බවද මේවන විට තොරතුරු වාර්තා වේ.

මූලාශ්‍රය / ජායාරූප හා වීඩියෝව - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංග ශ්‍රීලාල්ගේ ට්විටර් ගිණුමෙනි


No comments:

Post a Comment

Post Bottom Ad