කාන්තන්කුඩියේ ඇතැම් අයගේ සිත්වල අන්තවාදය තියෙනවා - හිස්බුල්ලා පාස්කු කොමිසමේදී පිළිගනියි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 27, 2020

කාන්තන්කුඩියේ ඇතැම් අයගේ සිත්වල අන්තවාදය තියෙනවා - හිස්බුල්ලා පාස්කු කොමිසමේදී පිළිගනියි

න්තවාදය යළි හිස එසවීමක් නොවනු ඇතැයි පොරොන්දු විය නොහැකි බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැවැසීය.

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මේ බව සඳහන් කළේ කොමිසම හමුවේ පෙරේදා (25 වැනිදා) සාක්ෂි දෙමිණි.

එහි දී කොමිසමේ සාමාජික විනිසුරුවරයා විමසා සිටියේ තවමත් කාන්තන්කුඩියේ ඇතැම් අයගේ සිත්වල අන්තවාදය තියෙනවා නේද, ඔවුන් යළි සහරාන්ලා වගේ අන්තවාදයකට යොමු වෙන්නේ නැහැ කියලා ඔබට සහතික වෙන්න පුළුවන්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ ‘‘ඔව් ඇතැම් අයගේ සිත්වල තියෙනවා. මට එහෙම හිස එසවීමක් වෙන්නේ නැහැයි කියලා පොරොන්දු වෙන්න බැහැ.’’ යනුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad